Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන්ට සහ අඩුබරැති ළදරුවන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙල යටතේ South Asia Gateway Terminals Pvt Ltd. සමාගම හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඊයේ (27) විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

මේ යටතේ අදාළ සමාගම විසින් වසරක කාලයක් සඳහා ත්‍රිපෝෂ වලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සිදු කෙරේ. මෙය එම ආයතනයෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදෙන අතර ඒ සඳහා රු.මිලියන 185 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සිදු වූ අතර South Asia Gateway Terminals Pvt Ltd. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න යන මහත්වරුන් මේ සඳහා අත්සන් තබනු ලැබීය.

දරුවන්ගේ බර කිරමින් අඩු බරැති දරුවන් සඳහා එවෙලෙහිම ප්‍රතිකර්මයක් ලෙස ත්‍රිපෝෂ ලබාදෙන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව වන අතර, ගර්භණී හා කිරි දෙන මව්වරුන්ට මෙන්ම අඩු බරැති දරුවන් සඳහා මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ.‍ෙ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.